Wednesday, 5 September 2018

තවම තෙම්ස් ගඟ දිගේ ගමන පටන්ගෙන නෑ.... ඒක පටන්ගන්නේ හෙට (06/09/2018).

2018 අවුරුද්දේ මට වයස 70යි - මාග්ට 65යි. අර 'නාකි විසේ ගෙටත් උසේ' කිව්වා වගේ, මට දැන් නම් හිතෙනවා මොකද්ද අපි මේ කරගන්න යන මරිකම කියලා. නමුත් 'අපි මහලු වයසේ' බැරිය වෙන ගායනා පෙරසේ' කියන එක බොරු කරන්නයි අපි උත්සාහ කරන්නේ. මේ මගේ පලමුවෙනි බ්ලොග් එක ලියන්නේ නෑදෑ මිත්‍රයෝ ඉදිරිපිට, ප්‍රසිද්දියේම කතාව බොරු කරලා දිනන්න හරි පැරදිලා වලිගේ කකුල්දෙක අස්සේ ගහගෙන ආපහු ගෙදර යන බලාපොරොත්තුවෙන් - ප්‍රසිද්දියේ.

ගමන පටන්ගන්නේ කෙම්බල් කියන තැන - එතන තෙම්ස් ගඟ චූ පාරක සයිස්ලු. ගමන ඉවරවෙන්නේ කිලෝමීටර් 300කට විතර පස්සේ මුහුඳ ලඟ. දවස් විස්සක් විතර ඇවිදිනවා - එතකොට කකුල් දනිහ ලඟට ගෙවිලා තියෙයි.

 ගමනට ඉස්සර අන්තිම රෑ අපි ඉන්නේ සයිරන්සෙස්ටර් කියන නගරේ. මෙහාට ආවේ ඊයේ - මේ නගරෙත් ටිකක් බලලා යන්න හිතාගෙන. පලවෙනි ශතවර්ෂයේ මේක රෝම අධිරාජ්‍යයේ 'කොරිනියම්' කියන නගරේ උඩයි හදලා තියෙන්නේ. ඒ කාලේ හදපු රෝම තාප්පයේ කෑලි ඇරුනුකොට වෙන කිසි දෙයක් ඉතුරුවෙලා නෑ. පුරා විද්‍යා පොරවල් සොයාගත්ත ඒ කාලේ මානවකෘති මෙහෙ කෞතුකාගාරේ තියෙනවා. ගොඩනැගිලි 1400ට පස්සේ හදපු එව්වා විතරයි තවම පාවිච්චි වෙන්නේ. අපෙ මහගෙදරට වඩා ටිකක් පරනයි!

රෝම තාප්පෙයි, 1400 පල්ලියකුයි, ගෙවල් පෙලකුයි අද පින්තූර වලට මම එකතු කරා.


මට පුළුවන් වුනොත් දිනපතා මේ බ්ලොග් එකට ලියනවා... බැරිවුනොත්... නොලියා ඉන්නවා...

ජයවේවා!

No comments:

Post a Comment