ඊයේ උදේ වගේ නෙවෙයි අද උදේ අහස නිල්ම නිල් - සීතලයි. ඊයේ විවේක සුවෙන් ඉඳලා ආයෙත් පාරට බහින්න වෙලාව. පිටත්වුනේ 9.15ට. අපි රෑ හිටපු ගෙදරයි, හැම්ටන් කෝට් මාළිගාව ඉස්සරහ පබ් එකෙයි පින්තූර ගත්තා (ඊයේ එතනින් බීර වීදුරුවක් බීපු නිසා)
වෙනදා වගේම පාරයි ගඟයි වෙනස්වෙනවා. හරක් හෙම ඉන්න තණභූමි ආයෙ නෑ. ඒ වෙනුවට වටිනා (මට හිතෙන විදිහට) ගෙවල් තියෙනවා
පාර වටේ ගස් ටික ටික වෙනස්. ඉස්සර නොදැකපු තරම් ඉතා නාකි විලෝ ගස් තියෙනවා - ඒ වගේම කැලෑ රොදවලුත් තියෙනවා. සමහර ඒවා පාර ලස්සන කරන්න හදපුවා - අනික් ඒවා 'නොමිලේ' හැදිලා.
ගඟේ ඉන්න හන්සයන්ගෙ එක පින්තූරයක් හරි ගන්න ඕන - මෙන්න.
ටෙඩින්ටන් ලොක් (බෝට්ටු ඉනිමග) තමා තෙම්ස් ගඟේ තියෙන ලොකුම එක. බෝට්ටු කීයක් එක සැරේට යන්න පුළුවන්ද දන්නෙ නෑ නමුත් අනික් ඒවට වැඩිය ගොඩාක් දිගයි.
ඇවිදින්නෝ, දුවන්නෝ, බයිසිකල් පදින්නෝ, ප්‍රෑම් තල්ලු කරන්නෝ, බල්ලෝ එක්ක යන්නෝ - දැන් හරියට වැඩී (පින්තූර ගත්තෙ නැතුවට). එක ගත්ත පින්තූරයක් තමා වයසක මිනිහෙකුයි ගෑනු දෙන්නෙකුයි බෝට්ටු පදින්න ඉගෙනගන්නවා! නියමයි.
අද නවතින රිච්මන්ඩ් නගරෙට එනකොට දවල් දෙක වෙලත් නෑ. ඇවිදලා තිබුනේ කි. මී. 13.97යි. අපි නැවතින හෝටලේ මේ පින්තුරේ පහලින්ම තියෙන්නේ (York Rose කියලා)
දැන් ගමනේ අන්තිම ඉවෙන් වගේ දැනෙනවා - ආයෙ දවස් හතරයි! කකුල් කඩාගත්තෙ නැත්තම් පටන්ගත්ත වැඩේ ඉවර කරන්න පුළුවන් වගේ!
ජයවේවා!
No comments:
Post a Comment