Sunday, 16 September 2018

දවස 11

ඊයෙ රෑ නැවතිලා හිටියේ 'වයසක' ජෝඩුවක් [වයසක කිව්වට අපිට බාලයි, මං හිතන්නේ] දුවන ගෙස්ට් හවුස් එකක. ඒක හදලා තියෙන්නේ අවුරුදු හාරසීයකට ඉස්සර - පස්සේ ටික ටික අළුත් කරත් ඇතුලේ තවම තියෙන්නේ පරන ලී. [කොට පිටින්!]


අව්ව නෑ උදේ නමුත් වැඩිය සීතලත් නෑ - 15ක් විතර. ඉර එලියට ආවේ දොලහ පහුවෙලා - ඊට පස්සේ හොඳ රස්නෙට තිබුනා. අද ඉරිදා නිසා ගඟේ සෙනග වැඩියි - එක එක ජාතියේ ජල ක්‍රීඩා!




එක ලොකු බෝට්ටුවක් දැක්කා බෑන්ඩ් එකකුත් දාගෙන "බෑන් චූන්" පාටියක් ගඟ දිගේ!



පාර තිබුනා වගේමයියි නමුත් සමහර තැන්වල සිමෙන්ති - අනික් තැන්වල කොලවලින් වැහිලා, මෙට්ටේ වගේ! දිගටම තෙම්ස් පාර ලකුනු කරලා තියෙන නිසා පාර වැරදෙනවා අඩුයි (!). 




පාර අයිනේ ගස් හරිම ලස්සනයි (කහඹිලියා නොවෙන ලොකු ඒවා). මහංසි අරින්න ලොකු ගස් තිබුනා.




හවස 4.30ට විතර හෙන්ලි නගරෙට ආවා - මීට ඉස්සර හිටපු ගම්/නගර වලට වැඩිය විශාලයි. ඉස්සරවෙලාම දැක්කේ මාර පබ් එකක් (ගියෙ නෑ ඒකට!).


මාග් එකතු කරලා බැලුවා අපි දැනට ඇවිදලා තියෙන දුර. අපේ මිනුමෙන් කිලෝමීටර් 209යි - සිතියමේ හැටියට කි. මී. 177. අපෙ මිනුම වැඩිවෙන්නේ පාරෙන් පිට ගිය නිසා එක එක දේ බලන්න. හැබැයි මොකෙන් මැන්නත් ගමනෙන් බාගෙට වැඩිය ඇවිත්! අපි දෙන්නටම තවම කෙලින් හිටගෙන ඉන්න පුළුවන් - .කොයි කාලෙකටද කියන්න බෑ.

මහංසියි (අද කි. මී. 24යි), බඩගිනියි - තව ටිකකින් මොනවත් කාලා, නාලා නිදාගන්න එක තමා සැනකෙලිය!

ජයවේවා!

No comments:

Post a Comment