දවස 16
උදේ නැගිටිනකොට සුලඟ හරිම සැරයි. සීතලයි. ඒ නිසාම අපි වැස්සට ඔරොත්තුදෙන කෝට් ඇඳගත්තා පිටත්වෙන්න ඉස්සර. ඉර පායලා නියමෙට - අහස නිල් පාටයි. වින්ඩ්සර් මාළිගාවේ තව පින්තූරෙකුත් ගත්තා ඊයෙ වගෙ අහස කලු නැති නිසා.
අපෙ පලවෙනියට නැවතුනේ රනිමීඩ් කියලා තැනක, කි. මී. අටක් ඈත. රනිමීඩ් ව්ල තමයි 1215 ජනයාගෙ අයිතිවාසිකම් ලියලා මෙහෙ රජතුමා එහෙම අස්සම්කෙරුවේ. එතන දැන් ස්මාරකයක් හදලා තියෙනවා. ඒක බලලා කෝපි එකකුත් බීලා තමා පිටත්වුනේ.
හැබැයි එලියට එනකොට ටිකක් වැස්ස වගේ. ඊට පස්සේ වැස්සට අදින කෝට එකත් දාගෙන බැක්පැක් එකත් දිය කාන්දු නොවෙන කවරේකින් වසාගෙන පිටත්වුනා. විනාඩි දහයයි ගියේ ආවා වැස්සක්! අපි ගහක් අස්සේ නැවතිලා කලිසම් අලට උඩින් දිය කාන්දු නොවෙන කලිසම් දාගත්තා - දන්නවද කොච්චර ඒක අමාරුද කියලා? සෑහෙන වෙලාවක් ගියා (තෙමි තෙමී) - කොන්ද එච්චර නමන්නත් බැරිනිසා මාග් තමා මට උදව් කරේ කලිසම ඇඳගන්න (මං හිතන්නේ අම්ම එහෙම දේකට උදව් කරාට පස්සේ!). හරිම සීතලයි - තෙතයි... [බම්බුවට මෙහෙම ගමන් යනවද කියලත් හිතුනා]. පින්තූර ගත්තෙත් නෑ.
දවල්ට අපි මාර පබ් එක්ක නැවතුනා - වැස්ස අඩුවේගන එනවා නමුත් හුලඟ හරිම සැරයි.
එතනින් පිටත්වෙලා එනකොට වැස්ස ටික ටික අඩුවුනා, අහස ඉල්පාට වුනා, නමුත් සීතල හුලඟ එහෙමමයි. අපි වැහි ඇඳුම් ගැලෙව්වෙම නෑ. නමුත් හොද පින්තූර ටිකක් ගත්තා.
එහෙන් මෙහෙන් අද කි. මී. 23.8ක් ඇවිත් පැය 7 විනාඩි 20ක් ඇවිදලා. ඊයේ නිකම්ම හිටපු එකටත් අල්ලලා!
හෙට කි. මී. 15යි (අපිට ඒක 20ක් අත් වෙයි). හැබැයි අපි තවම හිටගෙන ඉන්නවා (යාන්තමට).
ජයවේවා!
No comments:
Post a Comment