Sunday, 9 September 2018

දවස 4

ඊයෙ රෑ නැවතුන හෝටලේ මාර පරන එකක්. එතන තිබුන පාලම තෙම්ස් ගඟේ දෙවනියට පරන පාලම - පරනම එක ඊයේ දැක්ක.

අද ඇවිදින්න තිබුනේ පොඩි දුරක් (කිලෝමීටර් 16ක් විතර) නිසා අපි පටන්ගත්තේ 10.15ට. උදේ වැහි පාට තිබුනට වලාකුල් අතරෙන් ඉර දැක්කා ටික ටික (දොලහ විතරවෙනකොට පට්ට අව්ව). යන්න තිබුන පාර ගඟ අද්දර - දිගටම වගේ. බලන්න බම්බුවක්වත් නෑ - ගඟයි, තණකොල පිට්ටෙනියි, හරක්/බටළු කීපදෙනෙකුයි.


ලොකු බෝට්ටු නිතරම පේනවා. සමහර ඒවා ගඟ අයිනේ බැඳලා (හරක් වගේ).

සමහර තැන්වල ගොඩකරපු පිදුරු මිටි (සීතල කාලෙට සත්තුන්ට කන්න මෙහෙම තියන්නේ) ලංකාවේ එව්ව වගේ නෙවෙයි.


නමුත් අද දැකපු නියමම දේ තමා ලොක් (බෝට්ටු ඉනිමං) වැඩකරනවා බලාගෙන හිටියේ. බෝට්ටු දෙකක් තියෙන කොටුවට වතුර පිරෙනවා ගඟේ උඩ මට්ටමට එනතුරු - ඊට පස්සේ උඩ ගේට්ටුව ඇරගෙන බෝට්ටු ඉහලට යනවා.



අංතිම කියයුතු දේ සිද්දවුනේ එකට විතර. නවතින තැනට කිට්ටුව තියෙන කෑම කන්න තියෙන තැන් දෙකේම ඉස්සරවෙලා ආසන වෙන්කරගෙන නොතිබුනොත් කන්න නෑ. අපි දෙන්නා විතරක් නෙවෙයි තව ඩොහොම ය මේකට අහුවුනා. ඒ එකමිනිහෙක් කිව්වේ "ලාබම දවල් කෑම අද" කියලා. අපිට තව ප්‍රශ්නයක් - අපි නවතින තැන උදේ කෑම විතරයි - රෑට නෑ. යන්තන් ගෙස්ට් හවුස් ගෑනිට කියලා කොහෙන්දෝ හ්=කඩේකින් මොකවත් ගෙන්නා ගන්න බලාගෙන ඉන්නේ.

ගඟ නියමයි, පාර හොඳයි; සමහරවිට කෑම හිඟයි!

No comments:

Post a Comment