දවස 18
හොඳ වෙලාවට අද ඇවිදින්න නැත්තේ - උදේ ඉඳන් වහිනවා, සීතලයි. කාලගුණ වාර්තාව අනුව දවල් එකෙන් පස්සේ වැස්ස අඩුයි - අපි උදේ වරුවම කාමරේ හිටියා, කම්මැලිකමේ. හැම්ටන් කෝට් මාළිගාව බලන එක කල්දැම්මා දවල් කෑමෙන් පස්සට. උදෙයි දවලුයි වෙනස මේ වගේ.
1515 අටවෙනි හෙන්රි රජතුමාට හදපු මාළිගාව දෙවෙනි ජෝජ් රජතුමාගෙ කාලේ වෙනකම් පාවිච්චිවුනා. ඇතුල රජෙකුට ඔබිනවා! (බකින්හැම් තරමට වස්තු නොපෙන්නුවට).
වෙලාවෙන් වෙලාවට නළුවෝ කීපදෙනෙක් ඉතිහාසේ රඟපෑවා!
හෙන්රිගෙ කෑම කාමරේ මිනිහම ලියාපු දේ තවම තියෙනවා (කක්කටූස් අරින්න එපා කියලා එහෙමත්!)
කෑම ලෑස්ති කරපු කුස්සි හෙමත් විශාලයි.
මාළිගාවෙන් ගඟ පැත්තට විශාල මල්වතු.
මේවා බලලා ඉවරවෙලා අපි ආපහු ආවා හෙටත් ඇවිදින්න තියෙන නිසා. හැමදාම අයිස් ගහන්න බෑනේ. කාමරේට ආවම දැක්කා ඉර බැහැලා යනවා. නියමයි.
හෙට ආයෙත් ගමනේ.
ජයවේවා!
No comments:
Post a Comment