Thursday, 6 September 2018

දවස 1

අද උදේ 9.15 අපේ ගමන පටන් ගත්තා - කිලෝමීටර් 21 යන්න තියෙනවා. මල්ල කරට ගත්තේ, සිතියම්, පාර විස්තර කරන පොත්, වැස්සට අඳින දේ, පැලැස්තර, හදිසි අනතුරු වලට ප්‍රතිකාර, මෙකී නොකී සේරම දාගත්ත මල්ල කරට අරගෙන පිටත් වුනේ කතරගම යන්න වගේ.

තෙම්ස් පටන් ගත්ත තැන තියෙන්නේ තණකොල පිට්ටෙනියක කොනේ පොඩි වනලැහැබක කොනේ. එතන හයි කරලා තියෙනවා ගඟ පටන්ගන්නේ මෙතනයි කියලා කනුවක්. මං හිතන්නේ ඒක නැත්තන් අපිට කොහොමටවත් දැනගන්න බෑ මේක ගඟක් පටන්ගන්න තැනක් කියලා - වතුර විතරයි අඩු. වතුර බිංදුවක්වත් නෑ - දවස් කීපෙකින් වැහලා නැති නිසා.

කොහොමටත් අපි ඇවිදින්න පටන්ගත්තා 9.45ට. අපි හිතාගෙන හිටියේ කිලෝමීටර් අටක් විතර ගිහින් කෝපි කෝප්පයක් බොන්න නවතින්නයි - ඒ අතරමග තියෙන ගම්මාන දෙකෙන් පලවෙනි එකේ. කැඩුන පාලම කිසා ඒ ගම මිස්වුනා - 12.45ට නැවතුනේ මොකවත් කන්නත් එක්ක. මාර පබ් එකක් හම්බවුනා ඒ ගමේ - වයිට් හාට් කියලා තැනක්.

එතනින් 1.30 පිටත්වෙලා 3.45 වෙනකොට ක්‍රික්ලේඩ් කියන රෑ නවතින නගරෙට ආවා.

තෙම්ස් පාර එක එක විදිහට වෙනස් වෙනවා - තණකොල පිට්ටෙනි මැද අඩි පාරක්, දෙවටක් මැදින් යන කැලෑ පාරක්, ග්‍රැවල් පාරක් - ඉඳලා හිටලා තාර පාර කෑල්ලක්. පාර මොකවුනත් මිනිස්සු, සත්තු එහෙම හිඟයි. මුළු දවසෙම පාරේ ඇවිද්ද මිනිස්සු දහදෙනෙක් දකින්න ඇති. කුරුල්ලෝ එහෙමත් නෑ මුල ටිකේ - ඉඳලා හිටලා දකින හරක් විතරයි. හැබැයි හිතට අල්ලන දෙකක් ගැන කියන්න වටිනවා.

ඇවිදින පාර දෙපැත්තේ බ්ලැක්බෙරි පිරිලා - කන්න තිබුනා බඩ පිරෙනකන්! තව තව පොඩි ගෙඩි ජාති ගොඩායි - මොනවද කියලා දන්නෙ නෑ. එක තැනක පාර පුරාම ඇපල් ගෙඩි වැටිලා තිබුනා.



දෙවනි දේ තමා ඉස්සර කාලේ ගැවල් හාරපු තැන්. කිලෝමීටර් ගානක් දිග පලල පලාතක් පාර දෙපැත්තේ හාරලා. නමුත් දැන් තියෙන්නේ වලවල් නෙවෙයි - ඒවගෙ වතුර පුරවලා කුරුල්ලන්ට ඉන්නයි ජල ක්‍රීඩා වලටයි වෙන් කරලා. හරිම ලස්සනයි (ග්‍රැවල් වලකට වැඩිය).


මොකවත් කාලා නිදාගන්න ඕනෑ - හෙටත් කිලෝමීටර් 20ක් යන්න තියෙනවා.

No comments:

Post a Comment