Tuesday, 18 September 2018

දවස 13

උදේ අහස වලාකුළින් වැහිලා - ආයෙත්! ඒක මෙහෙ හැටියක් වගේ. ඉර එලියට ආවේ දොලහ පහුවෙලා. නැවතිලා හිටපු ගෙදර ඒ තරම් ලස්සනක් නෑ - කුකුල් කූඩුවක් වගේ. නමුත් ඊයෙ රෑ කෑම ගත්ත පබ් එකේ කෑම බීම විතරක් නෙවෙයි නමත් නියමයි [මාලෝ බූරුවා! - Marlow Donkey ]



ගඟ අවට ගෙවල් එන්න එන්නම වැඩිවෙනවා - ලන්ඩන් කිට්ටු වෙනකොට. නමුත් මාලෝ ඉඳන් ඩෝනි අතරතුරේ තවම ගෙවල් හදලා නැති තැන් ගොඩක් තියෙනවා. නමුත් හදලා තියෙන ගෙවල් විශාලයි. උදේ කෝපි බිව්වෙ තව පුරාන ගමක පබ් එකේ (Bell and Dragon). එතන වටේට ගොඩනැගිලිත් පරනයි - ලස්සනයි.




දැන් යන පාරේ බලන්න තියෙන්නේ දිග පලල නෙවෙයි - ඒක අවට වෙනස්වෙන පරිසරයයි වඩා අගේ.









ගඟත් ලොකුයි - ඉර එලිය තියෙන වෙලාවට බලන්න ලස්සනයි. නමුත් වලාකුළෙන් වැහිලා තියෙන වෙලාවට පෙනෙන්නේ මහා සීතල වතුර ගොඩක් වගේ.






දවසේ ඇවිදීම ඉවරකරේ ඩෝනි කෝට් කියලා තැනක. එතන බීපු බීර බෝතලේක පින්තුරෙයක් දැම්මේ ඒ බෝතලේ එලියේ පිහාටුවක් අලවලා තියෙන නිසා. ඇත්ත කුකුල් පිහාටුවක්!

අද කි, මී. 18යි - දැනට කි. මී. 245 අපේ මිම්මෙන්  (සිතියමේ හැටියට 209 ). නරක නෑ නාකියෝ දෙන්නෙකුට!

ජයවේවා!

No comments:

Post a Comment