දවස 3
අද උදේ ටිකක් වැස්ස. ඒ නිසා අපි පිටත්වුනේ ටිකක් වෙලා ගිහින් - වැස්ස අඩු වෙනතුරු ඉඳලා. ඒත් 9.45ට පිටත් වුනා ටැඩ්පෝල් බ්‍රිජ් කියන තැනට යන්න - කිලෝමීටර් 18ක් විතර ඈත. පිටත්වෙන්න ඉස්සර ලෙච්ලේඩ් නගරේ පල්ලියෙයි රෑට කාපු පබ් එකෙයි පින්තූර ගත්තා.
පාර දිගටම වගේ තෙම්ස් ගඟ අයිනේ. දැන් නියමෙට වතුර තියෙනවා බෝට්ටු වලට එහෙම. මේවා houseboat කියන මිනිස්සු ජීවත්වෙන බෝට්ටු. ටිකක් කල් එක තැනක ඉඳලා ආයෙත් ගඟ දිගේ වෙනතැනකට යනවා - මිනිස්සුන්ට වෙන ගෙවල් නෑ වගේ; මිනිස්සු නිවාඩුවට ඉන්න කෑම්ප් එහෙමත් එතනම. මේ පාලම (හැපෙනි බ්‍රිජ්) ප්‍රසිද්ද එකක්.
ගඟ දිගේ 'locks' කියලා ගේට්ටු තියෙනවා. ඒවා වැඩකරන්නේ හරියට බෝට්ටු වලට ඉනිමගක් වගේ. එක ගේට්ටුවක් වහලා බෝට්ටුව තියෙන ගඟේ කෑල්ලකට වතුර පුරවනවා. බෝට්ටුව උඩට ගියාම උඩ ගේට්ටුවෙන් උඩහට යනවා. පහලට එනකොට ඒකේ අනික් පැත්ත. නියමයි වැඩේ.
මේ ගේට්ටු කීපයක්ම අද දැක්කා.
පාර දුවන්නේ ගඟ අයිනේ. සමහර තැන්වල ගොවිපොලවල් පාරෙන් වෙන්කරලා තියෙන්නේ විදිලිය දුවන වැටකින් (electric fence). හුඟක් වෙලාවට මාරේ එක පැත්තක මේ වැට, ගඟ පැත්තේ මාරෙට කහඹිලියා වැවිලා. ගමන පරෙස්සමෙන්. අපිදෙන්නා වැරදිලා වැටේ වැරදි පැත්තේ කිලෝමීටරයක් විතර ගියා. ආපහු එනවට වැඩිය හොදයි කියලා මලු වැටට උඩින් දාලා අපි යටින් රින්ගුවා. මැරුනෙ නෑ.
පොඩි තැන් දෙකකට ගියා - එකක් තේ කඩයක්, අනික පබ් එකක් (තුනට විතර දවල්ට කන්න)
දැකපු සත්තු, අමුතු ගෙවල්, වැටවල් එහෙම ගැන පස්සේ වෙලාවක ලියනවා. 4.30ට රෑ නවතින තැනට ආවේ. මේක ලියලා ඉවරවෙනකොට 6.00. ඉන්ග්‍රීසි එක රෑ ලියනවා.
ජයවේවා!
No comments:
Post a Comment