දවස 20
රිච්මන්ඩ් ඉඳන් කියු උද්‍යානය (Kew Gardens) අතරේ දුර ක. මී. හතකට අඩුයි - කෙටි දවසක්. නමුත් උද්‍යානේ ඇවිදපුවත් එක්ක ක්. මී. 13ක්ට ටිකක් වැඩියි. ඒ කියන්නේ, පාරේ බලන්න දෙයක් නෑ - පිටත්වුන තැනයි පැමිණෙන තැනෙයි බලන්න දේ.
රිච්මන්ඩ් ටවුම කන්ද උඩ, අපෙ Rose of York හෝටලේ කන්ද පාමුල වුනාට. ඊයේ හවස ඒ පොඩි කන්ද උඩට ගිහින් බැලුවා - මාරෙට ගඟයි මිටියාවතයි පේනවා. මේ හිටපු තැනයි අවට පරිසරයයි.
රිච්මන්ඩ් වලම පරන මාළිගාවකුත් තියෙනවා - නටබුන්. හෙන්රි 7, 8 සහ එලිසබත් 1 ඒකේ හිටියළු. දැන් ගේට්ටුව විතරයි අපිට බලන්න පුළුවන්.
ඇවිදපු පාරේ එනකොට දැක්කේ වතුර අඩු බව - බාදිය වෙලාව. කියු පාලමත් පේනවා.
කියු එනකොට තවම ඉර හැරිලත් නෑ. නවතින හෝටලේට යන්න කලින් වැඩියි. කරේ ගෙනාපු මලු එතන තියලා අපි උද්‍යානේ බලන්න ගියා, එලිසබත් ගේටුවෙන්.
ඉස්සරවෙලාම ගියේ ඒක ඇතුලේ තියෙන ජෝජ් 3ගෙ මාළිගාවට. පිස්සු හැදිලා හිටිපු මිනිහට පරන කාලේ බෙහෙත්ලු දුන්නේ - කූඩැල්ලෝ දාලා ලේ අදිනවා වගේ (පුදුමයක් නෙවෙයි මැරුන එක)
අක්කර 300යක කියුඋද්යානේ පටනගෙන තියෙන්නේ 1759. ලෝකේ බොහෝ තැන්වලින් ගෙනා පැලෑටි වර්ග 30,000කට වැඩිය තියෙනවා. මේවා ගැන දන්න කෙනෙකුට නම් දවස් ගානක් මේකේ බලන්න දේ තියෙනවා - අපි පැය තුනක් විතර ඇවිද්දා. පින්තූර ගන්නවා කියන එක බොහොම අමාරුයි - 100ක් ගන්නවද 1000ක් ගනවද කියලා.
වඩාම ප්‍රසිද්ද වීදුරු ගෙට අපි ගියා - සාමාන්යෙන් සමශීතොෂ්න කලාපවල පැලෑටි එතන.
තාල වර්ගයේ ගස් වලට වෙනම ගොඩනෙගිල්ලක් - ඒක ඉස්සර වැවකුත් මල්පාත්තිත් ලස්සනයි.
වේල්ස් කුමරියගේ ගොඩනැගිල්ලේ තිබුනා නෙලුම් වැනි දෑ වගේම අමසෝනියන් වෝටර් ලිලි කියලා මාර එකක්.
මේ සේරටම වැඩිය මට ඇල්ලුවේ සාමාන්‍ය ගස්.
විශේෂ ගස් එහෙමත් තිබුනා. මේ ජපන් පගෝදිය ගහ මෙහෙ හදලා තියෙන්නේ 1760 විතර.
අවුරුදු මිලියන 200ක් පරන ගස් වර්ගයක් (ගිංකෝ) තවම හැදෙනවා.
මට හිතට අල්ලපු තව ගහක් තමයි වොලමයි පයින් - මේ ගස්වර්ගය ලෝකයෙන් තුරන්වී කියලයි හිතාගෙන හිටියේ. නමුත් 1994දී ඔස්ට්‍රේලියාවේ හමුවෙලා ආයෙත් දැන් වවනවා.
මං කිව්වා වගේ, මේක පයින් යනවට සම්බන්ද නොවුනත් කියු උද්‍යානේ අමතක වෙන්නෙ නෑ ලේසියට!
ජයවේවා!
No comments:
Post a Comment