Saturday, 15 September 2018

දවස 10

රෑ නැවතිලා හිටිය "බීට්ල් ඇන්ඩ් වෙජ්" [ඒ දවස්වල ලී මිටියකට (අතකොළුවකට) කිව්වේ බීට්ල් කියලා] කියන ගෙස්ට් හවුස් එකෙන් පිටත්වුනේ 10.20ට. ආයෙත් නියම අව්ව දවසක් හැබැයි උදේ අටට සෙල්සියස් 8යි. ඒ ගෙස්ට් හවුස් එකෙන්ම තව හතරදෙනෙක් ගමන පිටත්වුනා නමුත් ඒ අය ගියේ කිලෝමීටර් පහයි (ඒකට අපි!). සාමාන්‍ය බෝට්ටු වගේම හබලෙන් පදින ඔරු බොහොමයක් ගඟේ - මං හිතන්නේ සෙනසුරාදා නිසා.




ඉස්සරවෙලාම නැවතුනේ ගෝරිං කියලා ටවුමක. "ඇලිස් ඉන් වොන්ඩලෑන්ඩ්" ලියපු ලුවිස් කැරල් ගෙ ගෙදරත් එහෙ. ඒ වගේම ලොකු 'බෝට්ටු ඉනිමගකුත්' එතන. ලස්සන පරන හෝටලුත් තිබුනා (අපි ගියෙ නැතිවුනාට)





ගඟ අයිනේ පාර හොඳයි - මාළු අල්ලන මිනිස්සු දිගටම (ලොරියක් විතර ආම්පන්නත් එක්ක). දිගටම ගේට්ටු තියෙනවා හරක් එහෙම අල්ලපු වත්තට යයි කියලා.




ඉස්සරවෙලාම පාර කඳු වැටියක් තරනය කලේ මේ හරියේ. ඒ තරම් උස නැතිවුනාට මහන්සියෙන් අඩුවක් නෑ. හැබැයි මීට ඉස්සර දවස්වල වගේ නෙවෙයි පාරේ සෙනග වැඩියි - අස්පයොත් එක්ක!



අව්ව කොච්චර සැරද කිව්වොත් හරකුත් පොඩි ගස් සෙවනකට එකතුවෙලා!


දවල්ට ජෝජ් හෝටලෙන් කාලා ආයෙත් ගඟ අයිනේ.




කොහොමටත් හතරට විතර නවාතැනට ආවා. දවසට කිලෝමීටර් 18ට පොඩ්ඩක් වැඩී - පැය හයකට විතර. මේ හරියේ කඩ නැතිනිසා කෑමත් ඇරගෙන ආවේ. හෙට ටිකක් දිග දවසක් - කිලෝමීටර් 21ක් විතර. හැබැයි එතකොට අපෙ ගමනෙන් බාගයකට වැඩිය ඉවරයි. හෙට සැනකෙලි (බාගයක්) දාන්න වටිනවා!

ජයවේවා!

No comments:

Post a Comment