දවස 12
අද ගමන ගඟෙයි ගස්කොලන් වලයි ලස්සන බලපු එකක්. ඊයේ ඉරිදා සෙනගට පස්සේ අද බොහෝම සන්සුන්. උදේ මීදුමෙන් වැහිලා නමුත් වැඩිය සීතල නෑ. අපි හෙන්ලි වලින් යන්න ඉස්සර ඒ නගරේ තියෙන දේ බැලුවා, විනාඩි විස්සක් විතර. කියන්න තියෙන දේ තමා ඉතා පරන ගෙවල් තවම පාවිච්චි වෙන එක. අපි හිටපු කැතෙරින් වීල් හෝටලේ 1499ලු.
ටවුමේන් එලියට එනකොට පේනවා දැනට ගඟේ හැටි - බෝට්ටු පිරිලා.
එතනින් පහලට ඉස්සරවෙලාම නැවතුනේ 'ෆ්ලවර් පොට්' කියලා හෝටලේක කෝපි එකක් බොන්න. ඒක බිලියෙන් මාළු අල්ලන මිනිස්සුන්ගෙ හොඳ ක්ෂේමභූමියක් බාර් එක දිහා බලපුවම පේනවා.
දවල්ට කාපු තැන එංගලන්තේ පරනම හෝටලේ කියනවා - 1132 කියලා ඒ අය කියන්නේ.
හෝටල් කෙසේවෙතත් අද ගමනේ වටිනාකම පාරෙයි ගඟෙයි ගඟ අවට තියෙන දේයි. පින්තූර බලලා හිතාගන්න පුළුවන්. ලස්සනයි.
අද අපි කි. මී. 18ක් විතර ඇවිද්දේ - හෙට ඊට වැඩියි. තව හවස් දෙකකින් නිවාඩු දවස් දෙකක් වින්ඩ්සර් නගරේදී - නොඇවිදින දවස්....
ජයවේවා!
No comments:
Post a Comment