Thursday, 20 September 2018

දවස 15

ඇවිදපු නැති දවසක බොල්ග් ලියන එක හරිම ලේසියි! සමහර මන්ත්‍රීවරු ජීවත කතාව ලියනවා වගේ.

නැවතිලා ඉන්න හෝටලෙන් විනාඩි දහයයි වින්ඩ්සර් මාලිගාවට. වටපිටාව සංචාරකයන්ගෙන් පිරිලා. මේ ගමේ වෙන මිනිස්සු නැතුවා වගේ (කඩවල්වල වැඩකරන අය ඇරුනුකොට). පලවෙනි සැරේට උදේ වැස්සා - නගරය බලන්න ගියෙත් පොද වැස්සේ. ඒක නිසා ගත්ත පින්තූර අඳුරුයි.

මාලිගාවයි, වික්ටෝරියා රැජිනගෙ ප්‍රතිමාවයි, අපි හිටපු හෝටලෙයි (මගෙ ප්‍රතිමාව තවම ලෑස්ති නෑ)




ලන්ඩන් නගරේ වැදගත් ගොඩනැගිලි නිර්මාණ කරපු ක්‍රිස්ටෆර් රෙන් (Christopher Wren - 1632-1723) ගෙ ගෙදරත් මෙහෙ (දැන් හෝටලයක්). එයා කරපු එක ගොඩනැගිල්ලකට නගර සභාව කිව්වලු තව කුලුනු ඕනෑ කියලා - මිනිහා කුලුනු හදලා දුන්නා; සීලිමට අඟලක් කොටට. ඒ ලඟ තියෙන එක ඇදේට හදපු එකක් [crooked house] කියලා - රෙන් හදපු එකක් නෙවෙයි!




හවස අපි මාලිගාවේ පල්ලියකට ගියා දේවස්ථානයක ගීතිකා කණ්ඩායම සිංදු කියනවා අහන්න. ඊට ඉස්සර දැක්කා ගාඩ්ලා එනවා උන් මාරුවෙන වෙලාවේ.



වෙන කියන්න දෙයක් කෙරුවෙ නෑ - හෙට ආයෙත් ගමන පටන්ගන්න නිසා. කි. මී. 17ක් හෙට. බලමු කොහොම යයිද කියලා!

ජයවේවා!

No comments:

Post a Comment