Thursday, 13 September 2018

දවස 8

මදැයි කිලෝමීටර් 15ක් යන්න ගියා! 22කට කිට්ටුයි දවසේ ගමන් ඉවරවෙනකොට. කාටවත් බැනලා වැඩක් නෑ - විහින් කරගන්න දේ නිසා.

උදේ නැගිටිනකොට අහස නිල් ම නිල් - එක වලාකුලක් නෑ. හැබැයි සෙන්ටිග්‍රේඩ් 12යි. 9.30ට පිටත්වුනා. ගඟටයි ගස්වලටයි අව්ව වැටුනාම හරිම ලස්සනයි.





ගඟ අයිනේ වැඩි හරියක් තණභූමි (meadows). [සීත කාලෙට සමහර කොටස්වල ගං වතුරෙන් මේවා යටවෙනවා - අනික් කාල වලට කැලෑමල්, කුරුල්ලෝ එහෙම පිරිලළු - එකෙක්වත් දැක්කෙ නම් නෑ!] හරක් ටිකකුත් බැටළුවෝ කීපදෙනෙකුත් ඇරුනම වැඩිය ඇතිකරන සත්තු නෑ. හරක් ගඟෙන් වතුර බොනවා දැක්කා පලවෙනිසැරේට.


පාර තැනින් තැනට වෙනස් - අනික් දවස්වල වගේම.



ඒ අන්තිම පින්තූරේ තියෙන කොලපාට පොඩි ගෙඩි වගේ තියෙන්නේ අර බීර හදන්න ගන්න 'හොප්ස්' කියන එක.

11ට විතර කෝපි එකක් බොන්න පාරෙන් කිලෝමීටරයක් විතර ඈතට ගිය. උන් කඩ අරින්නේ දොලහට! හැබැයි ඒ ගමේ මාර ගෙවල් පේලියක් තිබුනා බලන්න වටින.

ආයෙත් ඇවිද්දා, එකට විතර දවල්ට කන පබ් එකට. ඒක 1352 හද පිදුරු වහපු එකක්. මුං හරි කැමතියි ඒ වගේ ගෙවල් වලට!


අංතිම කිලෝමීටර් හතර පහ යන ගමන් පොඩි කන්දක් නගින්න ගියා [සීමාරහිත  මෝඩකම] - නමුත් ඒක උඩ ඉඳන් බලපුවාම තෙම්ස් ගඟයි වටේට ගොවිපොලවලුයි හොඳට පේනවා.




අද රෑ ඩෝචෙස්ටර් නගරේ - හෙට ආයෙත් ගමනේ.

ජයවේවා!

No comments:

Post a Comment