සම්පූර්නයෙන්ම වැහි ඇඳුමෙන් සිටි පලවෙනි දවස. උදේ නැගිටිනකොට තිබුන චිරි චිරිය කි. මී 15.8කට පස්සෙත් එහෙමයි. අද දවසටම ඉර දකින්නෙ නෑ - හෙට ඊට වැඩිය වැස්සලු. හොඳ වෙලාවට හෙට කෙටි දවසක් (කි. මී. 13යි).
වැස්ස වැස්ස කියලා බැලුවෙ නෑ, පින්තූරත් ගත්තා. මේ ඊයෙ රෑ හිටපු හෝටලෙයි එතන පාලමයි. හැමතැනම පාලමක් තිබුනොත් පොඩි ගම්මානෙකුත් තියෙනවා - මං හිතන්නේ බෝට්ටු කාරයනුයි පාරෙ වාහන කාරයනුයි දෙගොල්ලම පාරිභෝගිකයෝ නිසා.
ඒ චර්ස්ටි බ්‍රිජ් ගමෙන් එලියට එනකොටම තිබුනා ගඟ දිගේ අපිට හමුවෙන අංතිම තණභූමිය - එතනින් පහලට එහෙම බිම් ආයෙ නෑ.
එක තැනකදී අපිට ගඟෙන් එතරවෙන්න තිබුනා. මං බලාපොරොත්තුවුනේ මිනිස්සු පිරුන විශාල බෝටුවක් - නමුත් තොටියා එහා පැත්තේ ඉඳන් අපි දැකලා මෙහාට ඇවිත් අපිව ගෙනත් දැම්මා. හරියට තමාගෙ වාහනේ වගේ.
අද සෙනසුරාදා නිසා ඔරු පදින්නෝ වැඩී - හුඟක් තරඟෙට පුහුනුවන පාසැල් කොල්ලෝ කෙල්ලොයි ජොලියට පදින වැඩිහිටියොයි. ඒ මදිවට අපි යන පාරේ රේස් එකක් - ඉහලට පහලට හැති දාගෙන දුවනවා (පෙනුන විදිහට රවුන් කීපයක් යන්න ඕනෑ ඉවර කරන්න).
ඉර නැතිනිසා පින්තූර බොහොමයක් අඳුරුයි. නමුත් සමහර ඒවා නරක නෑ.
පලවෙනි පින්තුර්රේ මාග් වැහි ඇඳුම් වලට යටවෙලා! තුන්වෙනි පින්තුරේ තියෙන්නේ වතුරේ හදපු ගෙවල්. ඒ කියන්නේ නීති රීති ඇති ඒවා හදන එකයි ඒවට සේවා ලබාගන්නා හැටියි.
අද රෑ හැම්ටන් කෝට් - හෙට උදේ ඒ මාළිගාව බලලා ආපහු එනවා. කිසි ඇවිදීමක් නෑ! සඳුදා රිච්මන්ඩ් බලා පිටත් වෙනවා.
දැන් ඇඟට ටිකක් අමාරුයි - ලාවට උන වගේ. නමුත්:
අපෙ කකුල් රිදුනත්
අපි උනෙන් පෙලුනත්
හිතට කිසි දුකක් නෑ
මෝඩ වැඩ කෙරුවටත්
ජයවේවා!









No comments:
Post a Comment