මේක ලියන්නේ දවස 6 උදේ. ඊයේ ඔක්ස්ෆඩ් නගරෙට එනකොට ටිකක් වෙලා ගියා - කිලෝමීටර් 27.3ක් පැය අටකින් ආවා. මහංසියි - දවස 6 ඇවිදින්නෙ නැති එකක් (අද දවසම ඔක්ස්ෆඩ් වල නවතින) නිසා ලිවීම කල්දැම්ම්මා.
නෝත්මුවර් වල නැවතිලා හිටපු ගෙදර 17වෙනි සියවසේ - ඒක තිබුනේ 13වෙනි සියවසේ පල්ලියක් පිටිපස්සේ - පරන ගොඩනැගිලි.
ටිකක් දුර උනාට ගමන නරක නෑ. පාර ගඟ අද්දර වුනාට අපි ඒකෙන් ඈතට ගියා අමුතු ගෙවල් තියෙන ගමක් බලන්න. ඒ උදේ පිටත්වෙලා පැය දෙකකට විතර පස්සේ. පිදුරු ගෙවල් - 17වෙනි සියවසේ. ගෙවල් සේරම මේ ජාතියේ.
මෙතෙක් දවස් වැඩිපුරම කිරි හරක් දැක්කට දවස 5 තමා බැටළුවෝ ගොඩාක් දැක්කේ. රංචු පිටින් තණබූමි වල. සීත කාලෙට කන්න එකතුකරපු පිදුරු ගොඩවල් ඒ තණබිම් වල තැනින් තැන.
තවම කන්දක් කියලා තැනක් පෙනෙන්න නෑ - දහ අට වංගුව වගේ ගඟයි තණබිමුයි විතරයි. සද්ද බොහොම අඩුයි. ඇවිදිනකොට ඇහෙන්නේ හුලඟට කොල සෙලවෙන සද්දෙයි, අපෙ අඩි සද්දෙයි මල්ලේ කීස් කීස් සද්දෙයි විතරයි.
අංතිමට අපි නැවතුනේ ඔක්ස්ෆඩ් වලින් කිලෝමීටර් පහක් විතර ඈතදී ටිකක් ප්‍රසිද්ද පබ් එකක්කින් යමක් බොන්නයි. ඉන්ස්පෙක්ටර් මෝස් කියන ටීවී නාට්ටියේ තියෙන පබ් එක - වෙන එකක් තියා එතන මොනරෙකුත් හිටියා!
ඔක්ස්ෆඩ් කිට්ටුවෙනකොට බෝට්ටු වැඩියි - ගඟ අයිනේ මිනිස්සුඑ හංසයන්ට කන්න දානවා. ඊටත් වැඩිය අපි දැක්කේ බෝ ගස් පෙලක්!
අද (දවස 6) ඔක්ස්ෆඩ් - ටිකක් එහෙමෙහෙ ඇවිදලා හෙට ආයෙත් ගමන පටන්ගන්නවා. පහුගිය දවස් පහේ අපි කිලෝමීටර් 109ක් ඇවිත් - ආයෙ ටිකයි!
No comments:
Post a Comment