Friday, 14 September 2018

දවස 9

දවසේ ගමන පිටත්වෙන්න ඉස්සර එහෙමෙහෙ ඇවිදලා අපි ඩෝචෙස්ටර් "නගරය"(!) දිහා බැලුවා. ගල් යුගයේ පටන් මිනිස්සු පදින්චිවෙලා හිටි මෙතන පල්ලිය හැදුනේ ක්‍රිව 634. ටවුම ඒ තරම් පරනයි - හැබැයි පරෙස්සමෙන් බලාගෙන තියෙනවා. වෙන එකක් තියා, අපි නැවතුන වයිට් හාට් හෝටලේ (පලවෙනි පින්තූරේ) 1691 හදපු එකක්.





උදේ ටිකක් සීතලයි (11c), අව්ව නෑ. ගඟ අයිනේ හුලඟ සීතලයි, හැබැයි ටිකක් ඇවිදිනකොට රත් වෙනවා!

උදේ කෝපි එකක් බොන්න බෙන්සන් කියලා තැනකයි නැවතුනේ. එතන බෝට්ටු නවත්තන තැනක්. අර ටවුමක් කිට්ටුවෙනකොට කාර් වැඩියි වගේ බෙන්සන්වල බෝට්ටු පිරිලා.


දවල් එකට විතර වෙලිංෆඩ් කියලා ටවුමකට ආවා. ඒකත් පරනයි (මෙහෙ සේරම පරනයි වගේ).


ගඟ දිගේ ගොවිපොලවල් අඩුයි. හැබැයි තරඟෙට හබලෙන් පදින බෝට්ටුයි ඒවා ගබඩා කරන තැනුයි ගොඩක් තියෙනවා. මං හිතන්නේ මිල අධික පුද්ගලික ඉස්කෝල එහෙම තියෙන නිසා තමා ඒවා වැඩි.


මේ මොනදේ වුනත් ගඟ ඔහේ යනවා. පාර එක එක විදිහට... ඉස්සරවෙලාම දෙබිත්තියක පාර යනවා දැක්කේ අද. සමහර තැන්වල පාර ගියේ වගුරු (marsh) මැද (වතුර තිබුනොත්!). හොඳ වෙලාවට වගුරු වෙනුවට තිබුනේ මූකලානක්.





අද කිලෝමීටර් 17.8ක් ඇවිත් ගඟ අයිනේ තැනක නවතින්නේ. හෙට ආයෙ තැනකට.

එතෙක්... ජය වේවා!

No comments:

Post a Comment